බ්ලූමැන්ඩල්හිදී පසුගිය මැතිවරණ සමයේ සිදූ වෙඩි තබා මනුස්ය ඝාතන දෙකක් කිරීමට යොදාගත් ටී.56 ගිනිඅවිය දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ චමින්ද යන අයට අයිති බවට තහවුරු කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ නේවි නුවන් යන අය විසින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය.