ඩෙංගු රෝගය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (16දා) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කාර්යසාධක බළකාය ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය. 2017 වසරේ මේ දක්වා මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,623 දක්වා ඉහළ ගොස් තිබේ.
2014 වසරේදී ඩෙංගු රෝගීන් 47,246 ක් සහ මරණ 97ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර, එම තත්වය 2015 වසරේදී රෝගීන් 29,777ක් සහ ඩෙංගු මරණ 60 දක්වා අඩු කරගැනීමට සෞඛ්‍ය සහ රෝග නිවාරණ අංශ සමත් විය.