පානදුර බස් නැවතුම්පොළෙන් පිටත් වන බස් රථ මෙන්ම කොළඹ බැස්ටියන් මාවතෙන් පිටත්වන දුරගමන් සේවා බස් රථද වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුරගමන් සේවා බස්රථ ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් සිය වර්ජනය ආරම්භකර තිබෙන අතර අද පස්වරු 2.30ට ඔවුන් අභ්‍යන්තර ප්‍රවාහන ඇමතිවරයා හමුවීමට නියමිතය. එහිදීද විසඳුම් නොලැබුණොත් අඛණ්ඩව වර්ජනය දියත් කිරීමට ඔවුන් සූදානමින් සිටියි.
එසේම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස්රථද වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉන්දික හේවාවිතාරණ/හැටන් රංජිත් රාජපක්ෂ