නුවර හැටන් මාර්ගයේ දියගල ප්රදේශයේදී නුවර සිට හැටන් බලා ධාවනය වු ලංගම බස් රථයක් හා හැටන් සිට නුවර බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 22කු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.තුවාල ලැබූවන් වටවල, ගිනිගත්හේන හා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.