පස්සර ලුණුගල මාර්ගයේ මිල්ලබැද්ද 19 කණුව ප්රදේශයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව ලුණුගල පොලීසිය සඳහන් කරයි.
මාර්ගය සංවර්ධනය කිරීමට දෙපස ඇති ගස් කපා තිබීම හා එම අවස්ථාවේදී තිබූ වර්ෂාව හේතුවෙන් බස් රථ දෙක මාර්ගයේ ලිස්සාගොස් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.
අනතුරින් තුවාල ලැබූ බස් රථ දෙකේම ගමන්ගත් බව කියන මගීන් දසදෙනා හොප්ටන් ග්රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.
ලුණුගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.
