අකුරැස්ස - ගාල්ල මාර්ගයේ කියාඩුව ප්රදේශයේදී අද (19දා) පෙරවරුවේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 52ක් තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.
මාතර සිට අකුරැස්ස දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා අකුරැස්ස සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් බරපතළ තත්ත්වයේ පසුවන 06 දෙනෙකු මාතර රෝහලට මාරු කර යවා තිබේ.
මෙම අනතුර හේතුවෙන් බස් රථ දෙකේ රියදුරන් දෙදෙනාද තුවාල ලබා රෝහල් ගත කර ඇත. අකුරැස්ස පොලීසිය අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.