බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම වයඹ තවදුරටත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග, ඇතැම් ස්ථානවල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එමෙන්ම, දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශවල) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා වන තරමක් තද සුළං සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බවත්, වැසි ඇතිවන අවස්ථාවලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මේ අතර, වැසි සහිත මෙම කාලයේදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

