බස්නාහිර ප්‍රශ්න පත්‍රය උපකාරක පංතියකින් කොපි කරලා
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පළාතේ පාසල්වල වර්ෂ අවසාන ඇගයීම් විභාගය සඳහා 10 වසර සිසු සිසුවියන්ට ලබාදුන් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපන 1 වැනි ප්‍රශ්න පත්‍ර‘යේ එක බහුවර්ණ ප්‍රශ්න 40 ම කළුතර ජනප්‍රිය පාසලක ගුරුවරියක් තම උපකාරක පංතියක සිසු සිසුවියන්ට 2009 වසරේ දුන් අත්පත්රිකාවකින් උපුටා ගන්නා ලද ඒවා බව අනාවරණය වී තිබේ.
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය නව විෂය නිර්දේශය අනුව බහුවර්ණ ප්‍රශ්න 250 කින් යුතුව තමා විසින් සකස් කරන ලද අත්පත්රිකාවේ එන ප්‍රශ්න 40ක් ඒ අයුරින්ම කොපිකර මෙම මුළු ප්‍රශ්න පත්‍රය සඳහාම යොදාගෙන ඇතැයි එම ගුරුවරිය කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයටද පැමිණිලි කර ඇත.
මෙම විෂය හදාරන සිසු සිසුවියන් සඳහා අධ්‍යාපන උපකරණයක් වශයෙන් සකස් කළ මෙම අත්පත්‍රිකාව තමා 2009 සිට 2014 වසර දක්වා තම සිසු සිසුවියන්ට ලබාදුන් බවත්, තමා කිසිසේත්ම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කටයුතුවලට සහභාගී නොවූ බවත්, එම ගුරුවරිය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතු සඳහා ගුරු උපදේශකවරුන්ට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මුදල් ගෙවා ඇතැයි අධ්‍යාපන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රය
උපකාරක පංතියේ ප්‍රශ්න පත්‍රය
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

