අද (01දා) පැවැති බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදයට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොපැමිණීම නිසා අවස්ථා කිහිපයකදී ඝන පූර්ණය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.
සභාපති සුනිල් විජේරත්න මහතා සහ සන්ධාන මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මහතා වරින්වර මූලාසනයේ සිටි අතර, පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ බලය ගිලිහී යන බවට පැතිර ගිය කතා සාවද්‍ය බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියා සිටියහ.
කෙසේ වෙතත් හෙට (02දා) දින ඡන්ද විමසීමක් සිදුකෙරෙන අතර, එහිදී ලංකා සමසමාජ පක්ෂයේ කීර්ති කාරියවසම් මහතා විපක්ෂයට එක්වනු ඇතැයි දැනගන්නට ලැබේ.