බස්නාහිර පළාත් සභාව අවදානමක - ආණ්ඩු පක්ෂ සංවිධායක
බස්නාහිර පළාත් සභාවේ සියලුම ආණ්ඩුපක්ෂ මන්ත්රීවරුන්ට අයවැය විවාදයට සහ ඡන්ද විමසන අවස්ථාවට සහභාගීවන්නැයි අද (24දා) දින ලිපියක් යවමින් දන්වා සිටි බව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා පැවසීය.
ලබන මස 01 වැනිදා සිට 04 වැනිදා දක්වා පැවැත්වෙන අයවැය විවාදයට සහභාගී නොවී ආණ්ඩු පක්ෂය පරාජයට පත්කිරීමට යම් මන්ත්රීවරුන් පිරිසකගේ සැලසුමක් ඇතැයි දැනගන්නට ලැබුණු බැවින් මෙම තීරණයට එළඹි බව හෙතෙම කීය.
පළාත් සභාව යම් අවදානම් සහගත අවස්ථාවකට මුහුණදී සිටින බැවින් ලබන බ්රහස්පතින්දා ආණ්ඩුපක්ෂ මන්ත්රීවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන බවද සිසිර ජයකොඩි මහතා ප්රකාශ කළේය.
බස්නාහිර පළාත් සභාවේ සිටින මුළු මන්ත්රීවරුන් ගණන 104 ක් වන අතර ඉන් ආණ්ඩු පක්ෂයට මන්ත්රීවරුන් 57 දෙනෙක් සිටිති.
සිසිර ජයකොඩි මහතා ප්රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ සිටින ජාතික හෙළ උරුමයේ මන්ත්රීවරුන් තිදෙනා ඉවත්වූ පසු ආණ්ඩු පක්ෂයට මන්ත්රීවරුන් 54 දෙනෙකු සිටින බවයි. ඔවුන් අතර සිටින මුස්ලිම් කොංග්රසයේ මන්ත්රීවරුන් දෙදෙනාද යම් හෙයකින් ඉවත්වුවහොත් අයවැය ඡන්ද විමසන අවස්ථාවේ ආණ්ඩුපක්ෂය අවදානම් අවස්ථාවකට මුහුණපාන බව හෙතෙම පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

