මුළු බස්නාහිර පළාතම එක් නගරයක් ලෙස සලකා සංවර්ධනය කිරීමේ වගකීම තමා බාරගත් බව මහනගර සභා, බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී රණවක මහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල සෙත්සිරිපායෙහි පිහිටි සිය අමාත්‍යාංශයේදී අද (08දා) පෙරවරුවේ වැඩභාර ගැනීමෙන් අනතුරුව රණවක මහතා මේ බව සඳහන් කළේය.
නගරයේ බාහිර අලංකාරයට වඩා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බවද හෙතෙම කීය.
මහවැලියෙන් පසුව සිදුවන මහපරිමාණ ව්‍යාපෘතිය මෙය බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු