බස්නාහිර පළාත් සභාවේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (17) දින රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. අනතුරුව එම සාකච්ඡාවේ තීරණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමටද එම මන්ත්රීකණ්ඩායම සැලසුම් කර තිබේ.
මේ පිළිබඳ කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා සඳහන් කළේ පළාත් අධ්‍යාපන,සෞඛ්‍ය,පළාත් පාලන අමාත්‍යාංශවලින් නිසි සේවයක් නොවන බැවින් මහජනයා පමණක් නොව මන්ත්‍රීවරුන්ද අපහසුතාවට ලක්ව ඇති බවත්,එම කරුණු ඇතුළුව වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට යොදාගත් බවත්ය.
දැනට බස්නාහිර පළාත් සභාව තුළ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය ඒකාබද්ධ විපක්ෂය සමග සිටින බවත්, මහඇමතිවරයා සමග දේශපාලන වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී වෙනස්කම් තිබෙන බවත් ඒ මහතා කීය.
මේ පිළිබඳ කළ විමසීමකදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්රීඋපාලි කොඩිකාර මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට බස්නාහිර පළාත් සභාවේ බලය ලබාගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත්,අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්ව ඇති මන්ත්‍රීවරුන් අතිබහුතරය සමගප්රජාතන්ත්රවාදී පක්ෂයේ කොටසක්,එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සහ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරයෙකු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග සිටින බවද කොඩිකාර මහතා ප්‍රකාශ කළේය.