බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කළ නොහැකි රටවල් බංකොළොත් වන බවත්, බලශක්ති අරපිරිමැස්මට යොමුවීම පුද්ගලයාටද, රටටද වැඩදායක වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දකුණු ආසියානු කලාපයේ පැය විසිහතරම විදුලිය අඛණ්ඩව ලබාදෙන එකම රට ලංකාව බවත්, අනිකුත් රටවල් ඒ පිළිබඳව පුදුම වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වාර්ෂිකව මෙරට බලශක්ති ඉල්ලුම 4%කින් ඉහළ යන බවද, එයට සමානුපාතිකව බලශක්ති අරපිරිමැස්ම 4%කින් වර්ධනය කරගතහොත් මේ රටට අලුතින් බලාගාර අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේ අද (10දා) කොළඹ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.