බලය තිබුණානම් හිටපු ජනපතිට වනදේ ජ.වි.පෙ කියයි
තම පක්ෂය දූෂණ විරෝධී කමිටු හෝ හදිසි වැටලීම ඒකක මෙහෙයවීමේ හෝ අධීක්ෂණය කිරීමේ අධිකාරි බලයත් තිබුණානම් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායමේ සිටින අපරාධකරුවන්ව දූෂිතයන්ට නිදහසේ අනුන්ට අවලාද එල්ල කරමින් සිටීමට නොහැකි වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වංචා දූෂණ සෙවීමට සහාය දීම සඳහා අගමැතිවරයා විසින් පිහිටවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අගමැතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ එකඟතාවක් නිසා විසුරුවා හැරී බවට සත්‍යය දන්නා සියල්ලම දන්නා බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ යහපාලන විපක්ෂයේ භූමිකාව නමින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයට පිළිතුරු ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (23දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
අදාළ නිවේදනය විකෘති කිරීම්වලින් හා බොරු අවලාදවලින් ප්රතිවිරෝධී අදහස්වලින් පිරී පවතින බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ ජනවාරි 21 වැනිදාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


