බර්ලීන් ප්රහාරකයා මිලාන් නගරයේදී වෙඩි තබා මරයි
බර්ලීනයේ නත්තල් වෙළෙඳ පොළ වෙත ප්රහාරයක් එල්ල කරමින් ජීවිත 12ක් බිලිගත් ටියුනීසියානු ජාතික අනීස් අම්රි ඉතාලියේ මිලාන් නගරයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිලාන් නගරයේ සෙස්ටෝ සැන් ගිඕවානි ප්රදේශයේදී නිතිපතා සිදුකරන සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මොහුගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමට පොලීසිය සූදානම් වීමේදී මොහු පොලීසිය වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇති බව කියැවෙයි. එම අවස්ථාවේදී පොලීසියේ ප්රතිප්රහාර හමුවේ මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම වෙඩි හුවමාරුවෙන් එක් පොලිස් නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති ඇත.
මිලාන් ආරක්ෂක අංශ තහවුරු කරන්නේ ප්රහාරයෙන් මියගිය තැනැත්තා අනීස් අමීර් බව සැකයකින් තොරව තහවුර කළ හැකි බවයි. මියගිය තැනැත්තාගේ ඇඟිලි සලකුණු අනීස්ගේ ඇඟිලි සලකුණු සමග ගැළපෙන බවද එම ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
පසුගියදා නත්තල් වෙළෙඳ සැණකෙළි භූමියේ සිදුවූ ප්රහාරයෙන් පසුව ජර්මනියේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ප්රති-ත්රස්ත මෙහෙයුම් දියත් කරමින් පුද්ගලයන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
