දඹුල්ල ඇතාබැඳිවැව ප්‍ර‘දේශයේ ව්‍යාපාරිකයෙක් ඊයේ (13දා) පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
ජේ.එම්. සෝමතිලක (54) එක් දරු පියෙක් මෙසේ මියගොස් ඇත.
මියගිය පුද්ගලයා තමන්ගේ දුංකළ වගාබිමට ට්‍රැක්ටරයෙන් යමින් සිටියදී එහි සිටි
ගොවීන්ට බඹර ප්‍රහාරයක් එල්ල වෙමින් තිබී ඇත. ව්‍යාපාරිකයා ට්රැක්ටරය වගා බිමට ඇතුළු කරන අවස්ථාවේදී විශාල බඹරු රෑනක් පැමිණ ඔහුට පහර දුන් බව එහි සිටි පී.ජී. ප්‍රේමරත්න ගොවි මහතා පැවසීය.
බඹර ප්‍රහාරයට ලක්වූ ඔහු ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන එන අතරමගදී මියගොස් ඇත.