අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ ප්‍රධාන තනතුර වන පිරිවෙන් අධ්යක්ෂ ධුරය පුරප්පාඩු වී මාස 42 ක් ගත වී තිබෙන නමුත් මෙතෙක් එම තනතුරට සුදුසු නිලධාරියෙකු පත්කර නොමැති බව ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය සඳහන් කරයි.
පිරිවෙන් 750ක කටයුතු සහ එහි ඉගෙනුම ලබනා පැවිදි ගිහි ශිෂ්‍යයින් 67,000කගේ ගැටලුද, ගුරුවරුන් 6500කට අධික පිරිසකගේ ගැටලු පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම, පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු වගකීම් රාශියක් පිරිවෙන් අධ්‍යක්ෂකවරයාට පැවරෙන බවද එම සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමිපාණෝ අවධාරණය කළහ.
දැනට පුරප්පාඩුව පවතින මෙම තනතුරට පත්වීමට සුදුසුකම් සහිත අධ්‍යාපන පරිපාලන විභාගය සමත් 15 දෙනෙකු රට තුළ සිටින බවද එහිමියෝ සඳහන් කර සිටියහ.
මෙවැනි සුදුසුකම් සහිත පිරිස් සිටියදීත් අදාළ තනතුරට සුදුස්සෙකු පත් නොකිරීම තුළින් පසුගිය ආණ්ඩුවේ බලධාරීන් සහ වර්තමාන ආණ්ඩුවේ බලධාරීන් පිරිවෙන් අධ්‍යාපනය නොසලකා හැර තිබෙන බවට මනාව පැහැදිලි වන බවද උන්වහන්සේ අවාධාරණය කළහ.