බදුල්ල ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානමක්
දැනට පවතනි වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතියහොත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන කිහිපයක නායයෑම් අවදානමක් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ අතර, අපරභාගයේදී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බවත්, පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, කන්කසන්තුරේ සිට ත්රිකුණාමළය හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදීද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

