දැඩි නාය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බදුල්ල දිස්ත්‍රික්ක තුළ ඊසානදිග මෝසම් වැස්සත් සමග බරපතළ ආපදා ඇතිවිය හැකි බවට විමර්ශන වාර්තාවලින් හෙළිවී ඇති බැවින් එවන් ආපදා තත්ත්වයන්හිදී පීඩාවට පත්වන අයට සහන සැලසීම සඳහා රාජකාරියෙනුත් ඔබ්බට ගොස් පරිත්යාශීලීව වගකීම දරා කටයුතු කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසා සිටියේය. ඒ මහතා මෙලෙස ඉල්ලා සිටියේ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ආපදා සහන විමර්ශන සාකච්ඡාවකදීය.
"ජාතික ගොඩනැගිලි පරේයේෂණ වාර්තා අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 69% ක් අස්ථාවර තත්ත්වයට පත්ව නිවාස 7000 ක් දැඩි, මධ්‍ය සහ අඩු අවදානම් තත්ත්වයට පත්වී තිබෙනවා. ගිය ජනවාරි පළමුවෙනිදා සිට මේ දක්වා කඳු ගිනිගැනීම් 200කට වැඩි ප්‍රමාණයක් මේ බදුල්ලේ සිදුකරලා තියෙනවා.
මේ කදු ගිනිතැබීම්වල අවසාන රිස්ස මේ මී වදයක් වගේ බද්ද වෙලා තියෙන පස් රත් වෙලා එකින් එක වියෝජනය වෙනවා ලිහෙනවා. ලිහෙනු නිරාවරණ පොළොවට වැටෙන වැස්ස සියල්ල සෝදාගෙන යනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂක ආයතන වාර්තා අනුව මට නම් හිතෙන්නෙ බදුල්ල පවතින්නේ තවත් අවුරුදු 50යි. මේ අස්ථාවර තත්ත්වය එන්න එන්න වර්ධනය වෙනවා. ඒක නිසා පෙබරවාරි මාසයේදී මෙහි පැමිණි අග්‍රාමාත්‍යතුමා පිහිට වූ ආර්ථික කමිටුවේ මූලික සාකච්ඡාවට ලක් වුණෙත් මේ කාරණයමයි. ඒ ආර්ථික කමිටුව තීරණයක් ගත්තා එක තැනක පිහිටුවන නිවාස ව්‍යාපෘති හදලා ඒ නිවාස ව්‍යාපෘතිවලට එක තැනකට අවශ්‍ය පොදු පහසුකම් ලබාදෙන්න කියලා"
නාය අවදානම් ප්‍රදේශවල දත්ත රැස්කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණආයතනය විසින් ගූගල් සීතියම්ගත කිරීම ආරම්භ කළද මේ දක්වා සිදුකර ඇත්තේ ඉන් 50% ක් බවද ඒ සඳහා ජනතාව නිසි පිළිතුරු ලබා නොදෙන බවද ප්‍රා‘දේශීය ලේකම්වරු පෙන්වා දුන්හ.