බදුල්ල, උණුගොල්ල තේ වත්තේ , මොරගොල්ල කොටසේ නාය අවදානමක් ඇති වීම නිසා එම කොටසේ ලයිම් කාමරවල ජීවත් වූ කම්කරු පවුල් 72 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම ස්ථානයේ 2010 හා 2011 වසර වලද නාය අවදානමක් ඇති වූ අතර එම පවුල් වලට මෙම ප්රදේශයෙන් ඉවත්වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දැනුම් දී තිබිණි.කෙසේ නමුත් විකල්ප ඉඩම් ලබාගැනීමේදී ඇතිවු ගැටලු නිසා මෙම ප්රශ්නය විසඳීමට නොහැකි වී තිබේ.