ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී නැගෙනහිර පළාතට සන්ධාන ගතවී ඉදිරිපත් වන බව සමස්ත ලංකා මහජන කොන්ග්රස් නායක අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම එසේ සඳහන් කළ අතර, එහෙත් කොළඹ මහනගර සභාව ඇතුළුව නැගෙනහිර පළාතෙන් පිටත ආයතන සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග හෝ තනිවම තරග කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
නැගෙනහිර පළාත තුළදී එක්සත් සාම පෙරමුණ සමග සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත්වන බවද හෙතෙම කියා සිටියේය.
එම සන්ධානය එක්සත් ජනතා සන්ධානය බවත්, ඡන්ද ලකුණ මොනරා බවත් ඒ මහතා සඳහන් කළේය.