උක්ගොවීන්ගේ ගැටලු විසඳන බවට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (10දා) දහවල් ලබාදුන් ලිඛිත පොරොන්දුව මත සත්යග්රහ ව්‍යාපාර දෙකම නවතා දැමූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
ඉල්ලීම් 06 ක් මූලික කර ගනිමින් හිඟුරාන නගරයේ ආරම්භ කළ සත්යග්රහ ව්‍යාපාරයට අදට දින 78 ක් කුත් සෙවණගල හා පැල්වත්ත ගොවීන් ඒකාබද්ධ වී සෙවණගල ප්‍රදේශයේ පැවැත් වූ සත්‍යග්‍රහයට දින 82 කුත් ගත වී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
අස්වැන්නට නියමිත මිලක් හා නියමිත කාලයේදී අස්වැන්න මිලදී ගන්නා ලෙස සහ ප්‍රමිතියෙන් යුත් පොහොර හා බීජ ඉල්ලා හා ලබාදෙන ණය මුදල් වලට අයකරන පොලී මුදල් අඩු කරන ලෙස සහ ඉඩමේ අයිතිය ලබාදෙන ඉල්ලා මෙම සත්යග්රහ ව්‍යාපාරය දියත් කළ බවද හෙතෙම පවසා සිටියේය.