ගාල්ල, බද්දේගම ඔරලෝසු කණුව අබියස ඊයේ (23දා) රාත්රියේ ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල් දෙකට හානි සිදුව ඇතැයි බද්දේගම පොලීසිය පවසයි.
ගින්නෙත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, සිදුවූ විනාශය හේතුවෙන් ඇතිවූ අලාභය සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නොමැත.
ගාල්ල ගිනිනිවන ඒකකය හා බද්දේගම පොලීසිය එක්ව ගින්න රාත්රියේම මැඬපවත්වා තිබේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව බද්දේගම පොලීසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
සටහන හා ඡායාරූප - හබරාදුව නිමල් අල්ගෙවත්ත / ගාල්ල අමල් වික්රමරත්න