බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවකයන්ට රාජකාරියට පැමිණීමේ සහ රාජකාරී නිමකිරීමේ වෙලාවන් වෙනස් කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.
ඒ අනුව පෙරවරු 7.30 සිට 9.15 දක්වා රාජකාරියට පැමිණීමට හැකි හා පස්වරු 3.15 සිට 5.00 දක්වා රාජකාරි නිමකළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවතිබේ.
මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස හා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අත්හදා බැලීමට නියමිතය.
පසුගිය වසරේ නොවැම්බර් සිට මේවසරේ ජනවාරි මාසය දක්වා මාස තුනක කාලසීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරිවාහන භාවිත කරන නිලධාරීන්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත්,පස්වරු 3.00ත්, 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවිම සඳහාත් එකී වාහන භාවිතකරන බව හෙළිවතිබේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.