උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජලය නොමැතිවීම නිසා දැඩි පීඩාවට පත්ව සිටින බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලෙස පට්ටිපොල සිට දුම්රියෙන් ජලය ප්‍රවාහනය කිරීමට තීරණය කර තිබේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ඊයේ (15දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.
මේ අනුව දිනකට ජල ලීටර් ලක්ෂ 2 බැගින් දුම්රියෙන් හා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් මහියංගණය ජල ව්‍යාපෘතියේ සිට බවුසර් මගින් දිනකට ජල ලීටර් ලක්ෂ 2බැගින් ප්‍රවාහනය කිරීමටත් නියමිතය.
මෙම ජලය බෙදාහැරීම කටයුතු ඌව පළාත් සභාවේ අධීක්ෂණය යටතේ සිදුකිරීමටත් ඒ සඳහා සේවකයන් පළාත් පාලන ආයතනවලින් ලබාගැනීමටත් , ජල බවුසර් 5 ක් අලුතින් මිලදී ගැනීමටත් තීරණය කෙරුණි.
ජල මූලාශ්රවල ජලය දිනෙන් දින අඩුවන බැවින් බණ්ඩාරවෙලට දැනට මසකට දෙවරක් ජලය සැපයීමට සිදුව ඇති බවත් මෙවන් කඩිනම් විකල්ප මාර්ග සොයා නොබැලුවහොත් තවදුරටත් ජල කප්පාදුව කිරීමට සිදුවන බවද හෙතෙම පවසා සිටියේය.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස්මත ක්‍රියාත්මක වන විසල් බණ්ඩාරවෙල වැඩසටහන යටතේ උමාඔයේ ඩයරබා ජලාශයේ සිට බණ්ඩාරවෙල ට ජලය ලබාදීමට සැලසුම් කර ඇති බවත් එය දිර්ඝකාලීන ස්ථිර විසඳුමක් බවද ලියනගේ මහතා සඳහන් කළේය.