බටු කැස්බෑවන් 400ක් පමණ යළි මුහුදට
මාතර, වැලිගම, මිදිගම ප්‍රදේශයේ මුහුදු වෙරළට පැමිණ තිබූ බටු කැස්බෑවන් 400කට අධික පිරිසක් යළි මුහුදට මුදා හැරීමට අද (03දා) කටයුතු කළ බව මිරිස්ස සමුද්‍රජීව නිලධාරීහු පවසති.
බිත්තර තුළින් එළියට පැමිණ මුහුදේ රළු බව හේතුවෙන් මුහුදට පිහිනා යෑමට නොහැකි වූ මෙම කැස්බෑවන් පිරිස ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂිතව රඳවාගෙන මිරිස්ස සමුද්‍රජීව ඒකකයට දන්වා තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිරිස්ස සමුද්‍රජීව ඒකකයේ අඩවි ආරක්ෂක රවීන්ද්‍ර කුමාර මහතා,
“කැස්බෑවන් බිත්තර දැම්මාම කැස්බෑ කැදලි මුහුදු රළ නිසා විනාශ වෙනවා. ඒ නිසා බිත්තර තුළින් එළියට එන පැටවුන් අනාරක්ෂිත වෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ සිදු වෙලා තියෙන්නේ. ඊය රෑ බිත්තර තුළින් එළියට ආපු පැටවු යළි මුහුදට යෑමට නොහැකි වෙලා තියෙනවා. ඒ මුහුද රළු බව නිසා. ඒ අනුව මිදිගම ප්‍රදේශයේ පිරිසක් අපට කතා කරලා කිව්වා මෙහෙම කැස්බෑ පැටවු අනාරක්ෂිතව හිටියා, දැන් එයාලා ආක්ෂිතව ඉන්නවා කියලා. ඒ අනුව අපි ඇවිත් නිරීක්ෂණය කරලා මොවුන් බටු කැස්බෑවන් කියලා හඳුනා ගත්තා. 400ක් පමණ පැටවු සිටිනවා. අද මුහුදේ රළු බව අඩු නිසා ඔවුන් මුහුදට මුදා හරින්න කටයුතු කළා. මේ වගේ අපිව දැනුවත් කිරීම සිදු කරනවා නම් කැස්බෑවන්ට වෙන හානිය අවම කරගන්න පුළුවන් වෙයි” යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





