ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා, බාහිර රාජ්‍යවලින් මෙන්ම ලංකා ඉතිහාසයේ ආභාසයද ගතයුතු බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම, ආණ්ඩුක්‍රම සංශෝධනය ආදිය සඳහා එංගලන්තය, ඇමෙරිකාව වැනි පිටස්තර රටවල් තුළින් මෙන්ම රජ සමයේ පාලන ක්‍රමය පිළිබඳවද විමසා ශ්‍රී ලංකාවට උචිත දේශපාලන සංස්කෘතියක් ඇතිකළ යුතු බව හෙතෙම පැවසීය.
අද (04දා) පැවැති සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත %සුකුමාල^, %රසප්^ සහ %නිමිත්ත^ යන කෘති ත්‍රිත්වය දොරට වැඩීමේ උලෙළේදී හෙතෙම මේ බව පැවසීය.