බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් ඊයේ (16දා) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
නෞකාවන් ද්විත්වයම දිගින් මීටර් 85 ක් වන අතර පළලින් මීටර් 10.5 ක් වේ. ටොන් 1300 ක ඉපිලුම් ගැඹුරකින් යුත් එම නෞකාවන්ගේ නාවික පුද්ගලයින් 89 දෙනෙකු බැගින් රාජකාරී කරනු ලබයි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් හෙට (18) ශ්රී ලංකාවෙන් පිටත් වීමට නියමිතව ඇත.