පෞද්ගලික අංශ සේවකයාගේ විශ්රාම යෑමේ වයස තවත් වසර 05කින් දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ අනුව වසර 55ක් ලෙස පවතින විශ්රාම යෑමේ කාලය වයස අවුරුදු 60ක් දක්වා දීර්ඝ වීමට නියමිතය. ඊයේ (12දා) පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදීද මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
මෙම රැස්වීම් සඳහා වෘත්තීය සමිති හාම්පුතුන්ගේ සම්මේලනයද සහභාගි වී තිබේ.