පෞද්ගලික බස් හිමිකරුවෙකු ලංගම නිලධාරියෙකුට පහරදීලා
මහියංගනය ප්රදේශයේ පෞද්ගලික බස් හිමිකරුවෙකු විසින් අද (19දා) මහියංගන ලං.ග.ම. බස් නැවතුම්පොළ් වේලා සටහන්කරුට සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ එම නිලධාරියා මහියංගන මූලික රෝහලට ඇතුළත්ව ඇත.
ලං.ග.ම. බස් රථයක ගමන හරස් කර මාර්ගය අවහිර කිරීම සිදු කළ පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් මහියංගන බස්නැවතුම් පොළේදී කරුණු විමසීමේදී අදාළ පුද්ගලයා මෙම පහරදීම සිදු කර තිබේ.
ප්රහාරයට ලක්වු මහියංගන ලං.ග.ම. බස් නැවතුමේ වේලාසටහන්කරු ප්රතිකාර සඳහා මහියංගන රෝහලට ඇතුළත්ව ඇත. ලංගම ඩිපෝ කළමනාකාරීත්වය විසින් මේ සම්බන්ධයෙන් මහියංගන පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
මෙම පහරදීම සම්බන්යෙන් කිසිවකු මේ වන තුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැත. මහියංගණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මහියංගන- රංජිත් කරුණාවීර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

