පෞද්ගලික බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට මගී ප්‍රවාහන පුහුණු පාඨමාලා සහතිකය (PTT) යනුවෙන් සුදුසුකම් සහතිකයක් ලබාදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
ඒ අනුව, ඔවුන් සිය වෘත්තිය වෙත අනුයුක්ත වීමේදී මෙම සහතිකය ලබා තිබිය යුතු බවත්, මෙසේ පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට අධ්‍යාපනය ලබාදීම තුළින් මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකිවනු ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් මහතා පවසයි.
එමනිසා සියලු බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට මෙම පාඨමාලාව හැදෑරීමට සිදුවනු ඇති අතර, දින හතරක වැඩමුළුවක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එය සංවිධානය කරයි.
මාර්ග නීතිරීති, ආරක්ෂාකාරී රිය ධාවනය, හදිසි ප්‍රථමාධාර, තාක්ෂණික ඥානය මෙන්ම මගීන්ට ගෞරවය දැක්වීම ආදී කරුණු රැසක් මෙම වැඩමුළුවේදී බස් රථ සේවකයන් වෙත ලබාදෙන බව කියයි.