රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමට මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.
ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා ඉදිරි මාස 06 තුළ ජලාශවල ජල මට්ටම අඩුවීමක් අපේක්ෂා කරන හෙයින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට බාධාවක් විය හැකි වීම හේතුවෙන් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, කිලෝවොට් පැය 1 ක් රුපියල් 28.063 ක් බැගින් මෙගාවොට් 56 ක විදුලිය ධාරිතාවක් M/s Aggreko International Projects Limited ආයතනය වෙතින්ද, කිලෝවොට් පැය 1 ක් රුපියල් 28.367 ක් බැගින් මෙගාවොට් 44 ක විදුලිය ධාරිතාවක් M/s Heyleys Aventura (pvt) Limited & SES Smart Energy Solutions Fzco වෙතින්ද මාස 06ක කාලසීමාවක් සඳහා මිලදී ගැනීමට නියමිතය.