පළාත් පාලන මැතිවරණයේ නීති රීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස පෝසටර් අලවමින් සිටි උඩුදුම්බර් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (27දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහුත් සමග තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
උඩුදුම්බර පොලීසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. කැබ් රථයක්,පොස්ටර් 83ක් හා පෝස්ටර් ඇලවීමට යොදාගන්නා ද්‍රව්‍යද පොලීසිය මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.