පොළොන්නරු සංවර්ධනය වසර 5කින් අවසන් කරන්න - ජනපති
- 14 07 2015
- 08:51
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
පොළොන්නරු ජනතාවට සංවර්ධනයේ ප්රතිලාභ ලබා දීමේ අරමුණෙන් ආරම්භ කෙරුණු පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය වසර 5කින් අවසන් කරන ලෙස ජනාධිපතිතුමා නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (13දා) ජනාධිපති කාර්යාලයේ පැවති පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටු නියෝජිත හමුවට එක් වෙමිනි.
ව්‍යාපෘතියේ මුල් වසර 02 තුළ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය,සෞඛය හා පානීය ජලය පිළිබද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම නගරයෙන් බැහැර ග්‍රාමීය පාසල් සදහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතෙන් පාසල් 07ක් තෝරාගෙන ඒවායේ අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනයට විශේෂ ප්රමුඛතාවයන් ලබා දිය යුතු බවද ජනාධිපතිතුමා වැඩි දුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එස් සමරතුංග,නාගරික සංවර්ධන හා ජලපවාහන අමාත්‍යාංශ ලේකම් කේ. හෙට්ටිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුලු පොළොන්නරු දිස්ත්‍රික්කයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

