ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්රික්ක 12කට ඇප මුදල් තැන්පත් කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, මාතලේ, මොනරාගල යන දිස්ත්රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හැකියාව ලැබුණු බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.