පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ලැයිස්තුවෙන් පත්කළයුතුමන්ත්රීවරුන් නිර්දේශ කර දන්වා එවන ලෙස මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිටින එම පක්ෂයේදේශපාලන නායකත්වයට හිටපු අමාත්‍යබැසිල් රාජපක්ෂ මහතා දන්වා තිබේ.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අතිරේක මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා පත්කළ චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් නිර්දේශයන් ඉල්ලා තිබෙන අතර,අද (01දා) වනවිට එම නිර්දේශ දන්වා එවන ලෙස හිටපු අමාත්‍යවරයා ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.
ඒ අනුව හෙට(02දා) දිනයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත අදාළ නම් ලබාදීමට නියමිතය.