ඒකාබද්ධ විපක්ෂය ප්රධාන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තීන්දු කරනු ඇති බවත්, ඔහු නම්කරන අපෙක්ෂකයා ජයග්රහණය කරවීමට ඒකාබද්ධ විපක්ෂය ප්රධාන ශ්රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතුවූ මත ගැටුමක් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය බෙදී ඇතැයි වාර්තා වන තොරතුරු පිළිබඳ ‘අද' කළ විමසුමකට ප්රතිචාර දක්වමින් මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේය.
එසේම ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට උත්සාහ දරන්නන් ඒකබද්ධ විපක්ෂයෙන් පිටතත්,ඇතුළත් සිටින බවත්, දැන් සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ වත්මන් ආණ්ඩුවේ පාලනය අවසන් කිරීමට කටයුතු කිරීම බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
“2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කිරීමට මත්තෙන් ජනතාව මේ වනවිට මුහුණදෙන ප්රශ්නවලට විසඳුම් දෙන්න ඕන. දැන් ජනතාවට ජීවත්වෙලා ඉන්න බැරිව තිබෙන්නේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බව පවසනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්රමසිංහ මහතා කියලා. නමුත් අපි මුලින්ම මේ ආණ්ඩුව පෙරළාදමා ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කළ යුතුයි. එහි අවසන් අරමුණ මීළඟ ජනාධිපතිවරණය වෙන්න පුළුවන්.
ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටීමක් ඇති කිරීමට උත්සාහ කරන අය ඒකාබද්ධ විපක්ෂය තුළත්, පිටතත් ඉන්නවා. නමුත් අපේ මීළඟ අපේක්ෂකයා කවුද කියලා මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරාවි. ඔහු තීරණය කරන අපේක්ෂකයා ජයග්රහණය කරවන්න අපි කටයුතු කරනවා” යැයිද මන්ත්රීවරයා සඳහන් කළේය.