ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ පොහොට්ටුව ලකුණින් ඇල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් ව සිටි අපෙක්ෂකයෙක් හෘදයාබාධකයකින් ඊයේ (31 දා) මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ කුඹල්වෙල හෙට්ටිපොල පදිංචිව සිටි එම්.එම්. සංජිව (36) නමැති අපෙක්ෂකයෙකි. ව්‍යාපාරිකයෙක් සහ ගොවිමහතෙක් වන ඔහු එක් දරුපියෙකි. 30දා රාත්‍රී රෝගාතුරව බදුල්ල මහ රෝහලට ඇතුලත් කර සිටියදී පසුදා මරණයට පත්ව ඇත.