පොලොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කර ඇත.
අද (22 දා) හිගුරක්ගොඩදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණු අතර පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි ,පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද පළාත් අමාත්‍ය ආර්.එම්.පී.බී.රත්නායක ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.