මහනුවර ඇතිවූ තත්ත්වය පිළිබඳ වගකිමි රජයේ බවත් එම අවස්ථාවේදි පොලීසියට තිරණ ගැනිමේ හැකියාවක් නොතිබුණ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. මහනුවරදි අද (09දා) ආගමික නායකයන් අතර පැවැති හමුවකින් අනතුරුව හිටපු ජනපතිවරයා මේ බව ප්රකාශ කළේය.
බෞද්ධාගමික මහා නායක හා අනු නායක හිමිවරුන්, හින්දු පූජකවරුන් හා ඉස්ලාම් මවුලවීවරුන් අතර පැවැති හමුකට මැදිහත්කරුවෙක් ලෙස හිටපු ජනපතිවරයා එක්ව තිබේ.
මුස්ලිම් ආගමික නායකයන්ගේ ආරාධයෙන් හිටපු ජනපතිවරයා මෙම අවස්ථාවට එක්ව ඇති අතර එම සාකච්ඡා ධනාත්මක වූ බවද හිටපු ජනපතිවරයා සඳහන් කරයි.
සිංහල ජනතාව මෙන් මුස්ලිම් ජනතාවද ඉවසා සිටිය යුතු බවත් සියලු ජාතින් සාමකාමීව කටයුතු කළ යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.