පොලිස් සේවයේ උසස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම තවදුරටත් සිදුකරමින් අද (12දා) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරු වීම් ල බාදීමට මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු පළිබඳ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පත්වරු තිදෙනක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙක්, පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක් හා සහකාර පොලිස් අධිකාරීවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ