පොලීසියට සුදුසු ඇඳුමකට පොලිස්පතිගෙන් ඇඳුම් 5ක්
ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිල ඇඳුම සඳහා සුදුසු වර්ණයන් කුමක්ද යන්න පිළිබඳ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් වර්ණ 05කින් යුත් ඇඳුම් යෝජනා කරමින් අදහස් විමසීමක් ආරම්භ කර තිබේ.
මේ යෝජනා පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම විමසා තිබේ.දැනට ශ්‍රී ලංකා පොලීසිය භාවිත කරන කාකි නිල ඇඳුම වෙනස් කළ යුතු බවට අදහසක් යෝජනා වූ අතර, මේ සඳහා නව නිල ඇඳුම ලෙස වර්ණ 05 ක් පොලිස්පතිවරයා විසින් යෝජනා කර මෙම විමසීම ආරම්භ කර තිබේ. ඒවා අතුරින් වඩාත් සුදුසු වර්ණය කුමක්ද යන්න විමසීම මෙමගින් සිදුවනු ඇත.
පොලිස් නිල ඇඳුමේ නව වර්ණ ලෙස සුදු කමිසය සහ කළු කලිසම, ලා නිල් පැහැ කමිසය සහ තද නිල් කලිසම, ලා අළු පැහැ කමිසය සහ තද අළු කලිසම, ලා දුඹුරු පැහැ කමිසය සහ කාකි කලිසම හෝ දැනට පවතින කාකි කමිසය සහ කාකි කලිසම යෝජනා කර ඇත.
එමෙන්ම මේ පිළිබඳ රජයේ මැති ඇමතිවරුන් සහ ඉහළ නිලධාරීන්ගේ අදහස්, යෝජනා සහ චෝදනා විමසා ඇති අතර, බහුතර මතය අනුව ශ්‍රී ලංකා පොලිසියේ නව නිල ඇඳුම තීරණය වනු ඇත.
එමෙන්ම මැති ඇමතිවරුන්ට මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මේ පිළබඳව තවත් කරුණු 15 ක් විමසා ඇත.
පොලිස් කාකි ඇඳුම උෂ්ණ කලාපීය රටවල් සඳහා අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වාදුන් අතර, වර්තමානයේ කාකි ඇඳුම භාවිත කරන්නේ ලෝකයේ රටවල් කිහිපයක් පමණක් බවද ලිපියේ සඳහන්ව ඇත.
එමෙන්ම 1966, 1925, 1957 සහ 1975 වර්ෂවලදී පොලිස් නිලඇඳුම වෙනස් වී ඇති බවද පොලිස්පතිවරයා මෙම ලිපියේ දක්වා ඇති අතර, මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම මත විමසා ඇත.
එම තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව බහුතර කැමැත්ත සහ එකඟතාව මත ශ්‍රී ලංකා පොලීසියේ නව නිල ඇඳුම තීරණය වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

