ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි 800ක් හා ලෑන්ඩ් කෘෘසර් වාහන 250ක් මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පවත්නා වෙළඳපොළ මිල ගනන් යටතේ මේ සඳහා රුපියල් බිලියන 4.5ක මුදලක් අවශ්‍ය බවත් ඒ සඳහා රජය දැරිය යුතු අවදානම හා ණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමටත් අවධානය යොමුකරමින් මෙසේ මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.