පොලීසියට එරෙහිව බස් හිමියන්ගේ පැමිණිල්ල
පෞද්ගලික බස් හිමියන්ගේ වර්ජනය පැවැති දිනයේදී මීගමුව කුරණ ගල්කන්ද ප්‍රදේශයේදී පැවති විරෝධතාව සම්බන්ධව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලීසියට විරුද්ධව මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙසේ දැක්වේ.
"දෙසැම්බර් 2 දින මීගමුව කුරණ ගල්කන්ද හන්දියේදී දුම්රිය මාර්ගය අවහිර කරමින් හා මහා මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතා සිදුවීම සම්බන්ධව වීඩියෝ දර්ශනවලට අනුව සැකකරුවන් 19 දෙනෙක් දෙසැම්බර් 3 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිද්ධිය මෙහෙයවූ පුද්ගලයන් තවමත් නිදැල්ලේ ඇති අතර, ඔවුන්ගේ දර්ශන පවා වීඩියෝගත වී ඇති නමුත් ඔවුන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් සමග සම්බන්ධ වෙමින් තවමත් නිදැල්ලේ ඇත.
පොලීසිය කොටසකට එක් ආකාරයෙන් සැලකිලිමත් තවත් කොටසකට තවත් ආකාරයෙන් සැලකීමත් පුදුම සහතය. එම නිසා අප සංගමය පොලීසියට විරුද්ධව මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කරන ලදී. පොලීසියේ මෙම දෙබිඩි ක්‍රියාවලියට විරුද්ධව ඉදිරි දින දෙක තුළ අවශ්‍ය සියලු පැමිණිලි අප විසින් ගොනුකරන අතර, පටිගත කර ඇති වීඩියෝපට දර්ශන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා බවද දැනුම් දෙමු."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
