පොලිස් සැරයන්වරුන් දහසකට එස් අයි උසස්වීම් තවම නෑ
කුසලතා සහ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන පොලිස් සැරයන්වරුන් දහසකට අධික පිරිසකට මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට උපපොලිස් පරීක්ෂක තනතුරු ලබාදීමට සැලසුම් කළත්, මෙතෙක් එම කටයුත්ත සිදුවී නොමැති බව උපපොලිස් පරීක්ෂක තනතුරට සුදුසුකම් ලැබූ සැරයන්වරු සඳහන් කරති.
දීර්ඝ කාලයක් පොලිස් සැරයන් තනතුරේ සේවය කළ පොලිස් සැරයන්වරුන්ට මෙසේ උපපොලිස් පරීක්ෂක තනතුරු ලබාදීමට සැලසුම් කර තිබූ බව ඔවුහු පවසති.
ජනවාරි 1 වැනිදා ලබාදීමට සැලසුම් කළ උසස්වීම් එදින සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ජනාධිපතිවරණය පැවැත්වීමේදී උසස්වීම් ලබාදීම සිදුනොවන නිසා බවද එම පිරිස් පෙන්වා දෙති.
මැතිවරණ සමය අවසන්වී දෙසතියකට වැඩි කාලයක් ගතවී ඇතත්, මෙතෙක් උසස්වීම් ලබාදීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද එම පිරිස් සඳහන් කරති.
උපපොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලැබූ බොහෝ පොලිස් නිලධාරීන් වසර 17 ක්, 20 ත් අතර කාලයක් පොලිස් සේවයේ නිතර වී සිටි පිරිස්වන අතර, මෙම පිරිසෙන් බොහෝ දෙනෙකු උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල සේවය කර තිබෙන පිරිස් බවද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
