බෙන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (08දා) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පිටිගල පොලීසිය පවසයි.
අතුරුදන්වූ සැරයන්වරයාගේ බිරිඳ විසින් අද (09දා) පෙරවරුවේ පිටිගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව පිටිගල මිතුරු කවයක රැස්වීමක් සඳහා ඊයේ රාත්‍රී නිවසින් පිටව ගොස් නැවැත නොපැමිණි බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, පොල්පැලකැටිය, තල්ගස්වල පදිංචි අරංගලගේ ගාමිණි (අවු.49) නමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්