පොලිස් - රාජ්‍ය සේවා කොමිෂන්වලට සාමාජිකයෝ පත්වෙති
ස්වාධීන පොලිස් කොමිසමට හා රාජ්‍ය සේවා කොමිසමට ඊයේ (21දා) සාමාජිකයන් පත්කිරීම සිදුවිය. මේ අනුව පොලිස් කොමිසමට පත්කළ යුතු සාමාජිකයන් 07 දෙනාගෙන් සභාපති ඇතුළු සාමාජිකයන් 05 දෙනෙකු පත්කර තිබේ.
මෙම පත්කිරීමට අනුව ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිහෙට්ටිගේ මහතා පත්කර තිබෙන අතර, සෙසු සාමාජිකයන් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඇන්ටන් ජෙයනාදන්, එම්.වී.එච්. මනතුංග, වයි.එල්.එම්. සටාහිර් සහ සවිත්‍ර විජේසේකර යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ලෙස ධර්මසේන දිසානායක මහතා පත්කර තිබෙන අතර, සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය ප්රකාෂ් රාමමුජට්, ධරා විජේතිලක, අබ්දුල් සලාම්, විජෙන රාජසිංගම්, නිහාල් සෙනෙවිරත්න, එස්. රනුග්ගේ, ඩී.එල්. මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
පෙරේදා (20දා) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව සාමාජිකයන් පත්කළ අතර, ඉදිරි දිනවලදී සෙසු කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට නියමිතය.
ව්‍යවස්ථාදායක සභාව විසින් තමන් වෙත නිර්දේශ කර එවූ නම්වලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්කිරීම් සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

