කිලිනොච්චිය පලෙයි අරසකේනි කච්චාරු ප්රදේශයේදී අද (19දා) අලුයම පොලිස් රථවාහන මෝටර් රථයකට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පලෙයි පොලීසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, යුදහමුදා භට පිරිසක් එම ප්රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් සිටි තිබෙන බව අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් යුදහමුදාව හා පොලීසිය පුළුල් සෝදිසියක් හා පරික්ෂණයක් ආරම්භ කර තිබේ.