පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පසුගිය වසරේ ජනවාරි මස 01දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කළ වැටලීම්වලදී රුපියල් කෝටි 990 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 332 ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හෙරොයින් සමග පුද්ගලයන් 29,690 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් 36 ක් විදේශිකයෝ වෙති. මෙම සියලු දෙනාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 29,690 ක් ද පැවරීමට කටයුතු යොදා ඇත.
මීට අමතරව රුපියල් නව කෝටි අනූ අට ලක්ෂයක් වටිනා ගංජා කිලෝග්‍රෑම් 4990 ක ප්‍රමාණයක් , ඒවා ළඟ තබා ගත් පුද්ගලයන් 51,870 ක් සමග මෙම කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබුණි.
තවද කොකේන් සන්තකයේ තබා ගත් පුද්ගලයන් 29 දෙනෙකු සමග රුපියල් හතලිස් හතර ලක්ෂ දහ තුන් දහසක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 220 යි ග්‍රෑම් 650 ක් ද මෙම අදාළ කාලසීමාව තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එමෙන්ම රුපියල් හත් ලක්ෂ හැට තුන් දහස් හාරසියයක් වටිනා හෂීස් කිලෝග්‍රෑම් 38 යි ග්‍රෑම් 170 ක් හා ඒවා ළඟ තබා ගත් පුද්ගලයන් 35 දෙනෙකු සමගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.