අම්පාර උහන ප්‍රදේශයේ රාති‍්‍ර අවන්හලක සේවකයින්ට පහරදුන් බව කියන අම්පාර සහ උහන පොලිස් ස්ථාන දෙකේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව මැදවත්ත මහතා කටයුතු කර තිබේ.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අම්පාර පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක .පී.ඩී. චාමින්ද සහ උහන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ඩී.එමි.විජේසුන්දර යන නිළධාරීන්ය.
ඉකුත් 22 වැනි දින රාත්රියේදී උහන ප්‍රදේශයේ අවන්හලක දී මෙම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සිවිල් ආරක්ෂක බලකායේ භටයකු සමග මත්පැන් පානය කර ඇති අතර රාති‍්‍ර 11ට පමණ අවන්හල වැසීමට අවශ්‍ය බව සේවකයින් පවසා ඇත. මෙයට උරණ වු මෙම පිරිස හෝටලයේ පිගන් විදුරු පොලවේ ගසා මුදල් නොගෙවා යෑමට සුදානම් වන විට හෝටලයේ සේවකයින් ගේට්ටුව වසා පොලිස් හදිසි ඇමතුමි ඒකකයට දැනුමි දීමට කටයුතු කරන අවස්ථාවෙිදී සේවකයින් දෙදෙනෙකුට පහරදී පැන ගොස් තිබේ.